Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුණු පොතෙන් මුණගැසෙද්දී පරිස්සමින්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 16:38

මුහුණු පොතෙන් මුණගැසෙද්දී පරිස්සමින්

බොහෝ පිරිසක් සමඟ එකවර සබඳතා පැවැත්වීමේ හැකියාව සාමාජීය ජාල සතු වේ .මේ අතර FaceBook ප්‍රධාන තැනක් ගනී. ලොව පුරා කෝටි 400කට අධික පිරිසක් FaceBook භාවිත කරන බවට සමීක්ෂණ වාර්තා තහවුරු කර තිබෙනවා. මේ නිසා Facebook භාවිත කිරීම මත ඇතිවන්නා වූ සාමාජීය ගැටලු ද ප්‍රබල ය. මේ පිළිබඳ සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවකි.

වර්තමානය වන විට ශ‍්‍රී ලංකාවේ විවාහ සබදතා හා ප්‍රේම සබඳතා FaceBook භාවිතයෙන් බිඳ වැටීමේ ප්‍රවනතාවක් පවතින බව ජනමාධ්‍ය ඇසුරු කිරීමේ දී අපට ප්‍රත්‍යක්ෂ වන්නකි. තරුණ ප්‍රේම සබඳතා හා විවාහ බිඳ වැටීම් කෙරෙහි FaceBook සමාජීය ජාල වෙබ් අඩවිය බලපාන්නේ කෙසේද? මෙහිදී FB භාවිතයෙන් ඇතිවන නව සබඳතා පවතින ප්‍රේම සබඳතා බිඳ වැටීමට හේතුව බව පර්යේෂණ උපන්‍යසය යි. වර්තමාන සංකීර්ණ සමාජය තුළ වර්ධනය වන පුද්ගල හුදෙකලා බවට විසදුමක් ලෙස බහුල ව සමාජීය ජාල භාවිත කරයි. එහි ඇති කතා කිරීම chat හැකියාව මගින් පුද්ගල සමීප බව වර්ධනය වේ. මෙය පවතින ප්‍රේම සබධතා බිද වැටීමට ප්‍රබල හේතුවකි. සියදිවි නසාගැනීම්, මානසික රෝගවලට ගොදුරුවීම්, සංස්කෘතික පිරිහීම් වැනි සමාජීය ගැටලු මින් උද්ගත වේ.

එක්සත් රාජධානියේ මිලියන 35කට අධික පිරිසක් FB  ඔස්සේ සම්බන්ධ ව සිටිති. එයින් බහුතරයක් ලිංගික සම්බන්ධතා පවත්වා ගැනීමට මේ ක්‍රමය භාවිත කරයි. FB හරහා ගොඩනැගෙන සම්බන්ධතා මිත්‍රත්වය, ලිංගිකත්වය හා විවාහය දක්වා වර්ධනය වන බව සඳහන් කළ හැකිය. FaceBook තුළින් ගොඩනැගෙන තමන්ගේ සම්බන්ධතාවේ ස්වරූපය status තුළින් ප්‍රදර්ශනය වීම FB වල ස්වරුපයි. මෙහිදී in a relation ship යටතේ තමන් ප්‍රේම සම්බන්ධතාවකට යටත්ව සිටින බව ද engaged යටතේ විවාහ ගිවිසගෙන ඇති බව ද ලෙස තම ස්වරුපය ප්‍රදර්ශනය කරයි. බොහෝ පුද්ගලයන් සියල්ලන්ටම දැකිය හැකි ලෙස තම ස්වරුපය ප්‍රදර්ශනය කරන නමුත් ඇතැමුන් එසේ නොකරති. සෑම වර්ෂයකම පාහේ පෙබරවාරි 14 වැනි දින in a relation ship යටතේ ගොඩනැගෙන්නා වූ නව සම්බන්ධතා අතිවිශාල ප්‍රමාණයක් පවතින බව සමීක්ෂණ වාර්තා තහවුරු කරයි.

වර්තමානයේ පවතින ප්‍රේම සබඳතා අතරින් FB භාවිතයෙන් ඇති වූ ප්‍රේම සබඳතා ප්‍රතිශතය 40% කි.බහුතරයකගේ මතය වන්නේ FB තුළින් ගොඩනැගෙන ප්‍රේම සබන්ධතා දිගු කාලීනව නොපවතින බවයි. FB තුළ දී කාන්තාවන්ට ප්‍රේම සබන්ධතා සඳහා ලැබෙන ආරාධනා ඉහල මට්ටමක පවතියි. මෙහිදී in a realation ship ලෙස සබන්ධතා ඉරිපත් කිරීමේ දී කාන්තා පාර්ශවය මුලික වන අතර, එය පෙම්වතාගෙන් වන බලපෑම නිසා සිදු වන බව බොහෝ කාන්තාවන් මතය යි. නමුත් පිරිමි පාර්ශවය ප්‍රේම සබන්ධතා පවත්වමින් සිටිය ද single යටතේ තම අනන්‍යතාව ඉදිරිපත් කිරීම සුලබ කරුණකි. එමෙන්ම එකවර ප්‍රේම සබදතා කිහිපයක් පවත්වන තරුණයන්ගේ සංඛ්‍යාව ද මේ වන විට ඉහළ ගොස් ඇත. මෙහිදී මානසික ආතතියෙන් මිදීමට හා තම සැඟවුණු ආශා තෘප්තිමත් කරගැනීම සඳහා ද මෙසේ සම්බන්ධතා ඇරඹීමට යොමු වන බව ඔවුන්ගේ මතයයි. FB භාවිතය මගින් සිදුවන රැවැටීම්වලට හසු නොවීමට බොහෝ පෙම්වතුන් වග බලා ගනිති. chat කිරීම් massage, photos upload හා status කිරීම් ආදී ක්‍රියා තම පෙම්වතා හෝ පෙම්වතිය සමග සාකච්ඡා කිරීමට ඔවුන් යොමු වේ. නමුත් එසේ නොවන ප්‍රතිශතය ද ඉහළ අගයක් ගනියි. එමෙන්ම විවිධ අපචාරවලට ලක්වීමට FB හරහා ඇති බලපෑම ද ඉහළ ය.

කෙසේ හෝ වේවා සමාජය තුළ තමන් ලබා ඇති ගරුත්වය රැකගැනීම පුද්ගලයා සතු කාර්යයකි. එහිදී මනා පරිචයකින් යුතුව තම තීරණවලට එළඹිය යුතුය. තමන්ට ලැබෙන ප්‍රතිචාර නිවැරදිව හඳුනා ගනිමින් පවතින සම්බන්ධතා රැකගත හැකි ලෙසට යම් සීමාවකට යටත්ව ක්‍රියා කිරීම අප සැම අවබෝධ කරගත යුතුය. ඒ අනුව සීමා සහිතව FB පරිහරණය කිරීම, අනවශ්‍ය ලෙස යහළුවන් ඇතිකර නොගැනීම, සමාජීය වශයෙන් FB නිවරදි භාවිතය පිළිබඳව ජනමාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීම හා නීතිමය වශයෙන් FB හි අසීමාන්තිකව පවතින නිදහස සීමා කිරීම මගින් FB නිවැරදි භාවිතය පිළිබද ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කීරිමට කාලය උදා වී ඇත. ඒ සඳහා අපිත් පෙළ ගැසෙමු.

– ශානිකා රත්නායක –

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2018 16:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්