ශ්‍රී ලංකා ආරාධිත ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික සංචිත දැල් පන්දු කණ්ඩායම සමත් වුණා. එහි අනුශූරතාව හිමිවූයේ සිංගප්පූරු ජාතික දැල්පන්දු කණ්ඩායමටයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් හතරක් එක්ව සිටියා. එහි අවසන් මහා තරගයේදී තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 70ට 72ක් ලෙසයි.
මේ අතර තරගාවලියේ තුන්වන ස්ථානය සදහා ශ්‍රී ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම හා එංගලන්ත ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා. මෙම තරගයේ මුල සිටම පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. මේ අනුව ලකුණු අසූවට 22ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පැවැත්වුණේ ආසියා දැල්පන්දු ශූරතාවට පෙරහුරු තරගාවලියක් ලෙසයි.