දේශීය ඉංජිනේරුවරුන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිගය සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශයේ හතළිස් පස් වන සැමරුම් උත්සවය සහ විශිෂ්ඨයන් ඇගයීමේ සම්මාන උළෙලට ඊයේ (30) එක් වෙමින්.
උගතුන් හා බුද්ධිමතුන් මව් බිම හැරදා විදෙස්ගත වීම ඊට ප්‍රධාන හේතුවක් වන අතර මාතෘ භූමිය වෙනුවෙන් ඔවුන්ගේ වගකීම් පිළිබද නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිතුමා අවධාරනය කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කළේ රටක් ලෙස අප දියුණුව කරා පියමැනිය යුත්තේ අපේ උරුමයන් සහ සම්ප්‍රධායන් රැකගනිමින් බවයි.
ලාංකේය ඉංජිනේරුවරුන්ගේ දක්ෂතා, හැකියාවන් සහ නිර්මාණශීලීත්වය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කිරීමට ඉකුත් වසර හතළිස් පහ පුරා ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශය විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළ බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශය වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළ වෘත්තිකයන් අගයමින් සමරු තිළිණ පිළි ගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූණා. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ඉංජිනේරුමය කාර්යයන්පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශයේ සභාපති ජී ඩී ඒ පියතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එකිව සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=0nfou4hBalM”]