කොළඹ කලාපයේ පාසල් 11 ක් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයට එම පාසල්වල ගුරුවරුන් හා සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ වනවිට පාසල් දරුවන්ගෙන් 20%ක් බෝ නොවන රෝගවලට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දරුවන් ක්‍රිඩාවට යොමු නොවීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර උතුරු කොළඹ හා මැද කොළඹ ප්‍රදේශවල ක්‍රීඩාපිටි දෙකක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සොයා බලන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.