ශ්‍රී ලංකාවේ පැවැත්වෙන හෙද පර්යේෂණ පිළිබද ප්‍රථම විද්වත් හමුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල කේ.අයි.යූ විශ්වවිද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.එම විශ්ව විද්යාලයසහ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ඒකාබද්ධව එය සංවිධානය කර තිබුණි.
මෙම විද්වත්හමුව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“ හෙද සේවාව උතුම් වෘත්තීයක්. මානුෂීය සේවාවක් ඔවුන් සිදුකරනවා. ඈත අතීතයේ සිට හෙද සේවාවට ගෞරවයක් තිබුනා. හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලොරන්ස්නයිටිංගේල් ද හෙද සේවාව පිළිබද විවිධ පර්යේෂණ සිදු කළා. එමගින් රෝගීන්ට ප්‍රතිකාරකිරීමේ විවිධ ක්‍රම හදුනා ගත්තා. රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්ලබාදීම සදහා හෙද සේවාවේ පර්යේෂණ ඉතා වැදගත්. රෝගීන් රැකබලා ගැනීම සහ උපදේශණ සේවා සිදුකිරිම හෙද හෙදියන් සතු කාර්යභාරයක්. එයට දක්වන දායකත්වය හේතුවෙන් හෙද සේවාව ඉහළස්ථානයකට පත්ව තිබෙනවා. ඇමරිකාවේ හෙද සේවා සංගමය සිදු කරන පර්යේෂණ සෞඛ්‍ය සේවාවේප්රවර්ධනයට ඉවහල් වී තිබෙනවා. සංවර්ධිත රටවල හෙද පර්යේෂණ තුලින් සෞඛ්‍ය සේවාවේතොරතුරු හුවමාරු කර ගන්නවා. එම තත්ත්වයට ශ්‍රී ලංකාව ද ලගා විය යුතුයි. මෙමවිද්වත් හමුව ඒ සදහා ආරම්භයක්. රෝගීන්ගේ ශාරීරික, මානුෂීය සහ ආර්ථීක අවශ්යතාපිළිබද මූලික දැනීමක් හෙද සේවාවේ නිරතවන්නන් තුල තිබිය යුතුයි. එම දැනුමපර්යේෂණවලට ද පිටිවහළක් වනවා. ”
මෙම උත්සවයට රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.