දුප්පතුන් වෙනුවෙන් කිසියම් හෝ මුදලක් අය නොකර කෑම වේලක් ලබාදෙන ආපනශාලාවක් ගැන කවුරුත් අහලා දැකලා නැතුව ඇති. මේ කියන්න යන්නේ දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින ඉන්දීයානු ආපනශාලාවක් ගැන. මිනු පොලින් කියන්නේ ඉන්දීයාවේ කෝචී ප්රාන්තයේ පිහිටි ’’Pappadavada’’ කියන ආපනශාලාවේ හිමිකාරිය. පසුගිය දවසක ඇයගේ ආපනශාලාවෙන් පිටත දුප්පතුන් වෙනුවෙන් ආහාර ගබඩා කරපු ශීතකරණයක් ස්ථාපනය කරන්න පෙළඹුණා.
මෙම ශීතකරණය දවස පුරාම විවෘතව තැබෙනවා. දුප්පතුන් ගැන සිතන ඕනෑම කෙනෙක්ට මේ ශීතකරණයට ආහාර ගබඩා කරන්න හැකියාව තියෙනවා. මිනු මෙහෙම කරන්න හේතුව දවසක් පාරේ ගමන් කරද්දී දැකලා තියෙනවා දුප්පත් කාන්තාවක් කුණු ගොඩක විසි කර තිබුණු කෑම වගයක් ආහාරයට ගන්නවා. මැය මේ ගැන හිත හිත ඉද්දී තමයි මේ අදහස ඇයට ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් මේ ක්රියාව ඉතා උතුම් ක්රියාවක් කියලයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.